loader image

පොල් පර්යේෂණ ආයතනය

අපි ගැන

පොල් පර්යේෂණ ආයතනයේ ඉතිහාසය

පොල් පර්යේෂණ ආයතනය යනු 1928 අංක 29 දරන පොල් පර්යේෂණ ආඥාපනත යටතේ පොල් පර්යේෂණ යෝජනා ක්‍රමය ලෙස 1929 දී ආරම්භ කරන ලද ජාතික ආයතනයකි. ආරම්භක වශයෙන් ජාන විද්‍යාව, රසායන විද්‍යාව සහ පාංශු රසායන විද්‍යාව යන අංශ යටතේ පර්යේෂණ දියත් කරමින් වගාකරුවන්ට පොල් වගාව පිළිබඳ තාක්ෂණික තොරතුරු ලබා දීම අරම්ණු කොටගෙන මෙම යෝජනා ක්‍රමය ලුණුවිල (වයඹ පළාත) බණ්ඩිරිප්පුව වතුයායේ පිහිටුවන ලද අතර, 1950 අංක 37 දරණ පොල් පර්යේෂණ පනත බලාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය (CRI of Ceylon) ලෙස නම් කරන ලදී. මූලාරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ පොල් පිළිබඳ සියලුම විද්‍යාත්මක පර්යේෂණ ඒ තුළ ක්‍රියාත්මකවූ අතර මේ වනවිට එමගින් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් ලඟා කරගෙන ඇත. 1971 දී ප්‍රකාශයට පත් කරන ලද අංක 46 දරණ පොල් සංවර්ධන පනත මගින්, 1972 වසරේ සිට මෙහි කළමනාකරණ මණ්ඩලය ලෙස පොල් පර්යේෂණ මණ්ඩලය ස්ථාපිත කරන ලදී. පොල් පර්යේෂණ ආයතනය යනු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින අර්ධ ස්වාධීන ආයතනයකි.

සභාපතිතුමාගේ පණිවිඩය

Chairman

අනාදිමත් කාලයක සිට ලාංකික ජන ජීවිතයට අතිශය සමීප ආර්ථික මෙන්ම පෝෂනීය දායකත්ව ලබාදෙන ශාක විශේෂ අතුරින් පළමු පෙළ ශාකයක් ලෙස පොල් ගස හදුනාගත හැක. එහි ඇති අනේකවිද භාවිතයන් හා ප‍්‍රයෝජනවත්භාවය නිසාම පොල් වගාවේ ආර්ථික, පාරිසරික හා සාමාජිය වැදගත්කම ශ්‍රී ලාංකිකයන් වන අපට මැනවින් අවබෝධ වී තිබේ.

බහුවාර්ෂික වගාවක් ලෙස සරලතම වගාක‍්‍රම මගින් අස්වනු උපදවාලන බෝගයක් ලෙස බැලූ බැල්මට පෙනුනත් ආර්ථික විභවය හා කර්මාන්තමය ශක්‍යතාවයන් ළඟා කර ගැනීමට නම් භෝගයක් ලෙස පොල් වගාව තවදුරටත් විද්‍යාත්මක අධ්‍යයනයන්ට ලක් කළ යුතුය. දේශීය මෙන්ම විදේශීය ඉල්ලූම සපරාලීම පිණිස දරනු ලබන උත්සාහයේදී මෑත කාලීනව අභියෝග රාශියකට වගාකරුවන් සහ නිෂ්පාදිකයින් ලක්ව ඇත. පොල් වගාවේ උන්නතිය පිණිස විවිධ දිශාවන් ඔස්සේ පර්යේෂණ සිදුකර හඳුනාගෙන ඇති ගැටළු විසඳීමත් අනාගත අභියෝගයන් සඳහා මුහුන දීමටත්, පොල් වගාකරුවන් හා නිෂ්පාදකයින් ශක්තිමත් කරලීම අපි අරමුණු කරගෙන සිටිමු. නව මානයන් ඔස්සේ සිදුකරනු ලබන පර්යේෂණ තුළින් පොල් වගාවේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වූ එ්කායන අභිලාෂයෙන් ක‍්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය ඉලක්කගත සැලසුම් තුළින් මෙන්ම කාර්යක්ෂම හා ඵලදායී පර්යේෂණ තුළින් ලාංකික ප‍්‍රජාව වෙත ඉහළම සේවාවක් ලබාදීම සඳහා ආයතනයක් ලෙස ඉදිරියට පැමිණීම අපගේ බලාපොරොත්තුව වී තිබේ. මේ සදහා විද්‍යාත්මක ක‍්‍රමවේදයන් ඔස්සේ ක්ෂේත‍්‍ර ගැටලූ වලට විසඳුම් සෙවීමට අවශ්‍ය දැනුම කුසලතාවයන් හා මනා දැක්මක් සහිත අපගේ කාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් ජාතික සැලැස්මකට අනුව ක‍්‍රියාත්මක වෙමින් සිටි. සාම්ප‍්‍රදායික දැනුම රැක ගනිමින් නවීන විද්‍යාත්මක ක‍්‍රම සහ සුහුරු කෘෂිකාර්මික තාක්‍ෂණය භාවිත කරමින් දේශීය පොල් වගාවේ ගැටලූවලට තිරසාර විසඳුම් ලබාදීමට අප කටයුතු කරමින් සිටිමු. දේශීය මෙන්ම විදේශිය ආයතන සමඟ සන්ධානගත වෙමින් පොල් වගා ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියළුම අංශවල තාක්ෂනික දායකත්වය ලබා ගනිමින් පර්යේෂණ ශක්තිමත් කොට පොල් නිෂ්පාදන ක‍්‍රියාවලියේ ගැටළු විසඳාලීමට කටයුතු කරන අතර නවෝත්පාද සඳහා වන තාක්ෂණික සහයෝගය සුලභ කිරීම සඳහා දැනුම් සම්ප්‍රේෂණය කරලීමේ කේන්ද්‍රය ලෙස ක‍්‍රියාත්මක වීමට අපි අපේක්ෂා කරමු. එ් සඳහා වූ නව ජාතික සැලැස්මක් පෙරට ගෙන එමින් විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ පොල් වගාවේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව ඉහළ නැංවීමේ ක‍්‍රියාවලියට උරදීම සඳහා අප සැදී පැහැදී සිටිමු.

තිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා පොල් වගාවේ විභවයන් උපරිමයෙන් යොදා ගැනීම පිණිස හා දැනුම සහ තාක්ෂණය වර්ධනය කර ගැනීමට පෙළ ගැසෙමු.

අධ්‍යක්ෂතුමියගේ පණිවිඩය

Welcome to the official website of the Coconut Research Institute of Sri Lanka (CRI). As the Acting Director, it is my great pleasure to share with you the important work we are doing at the Coconut Research Institute of Sri Lanka to advance the coconut industry in Sri Lanka and globally.
The Coconut Research Institute of Sri Lanka plays a vital role in conducting cutting-edge research, developing innovative solutions, and promoting sustainable practices for the coconut sector. Our dedicated team of scientists are committed to improving coconut productivity, enhancing quality, and ensuring the sustainability of this invaluable resource for future generations.
At the Coconut Research Institute of Sri Lanka, we are focused on a wide range of initiatives—from breeding and pest management to value-added product development and climate resilience. Our efforts aim not only to increase the productivity of coconut plantations but also to explore new avenues for coconut-based industries, supporting farmers and entrepreneurs across the country.
We are also committed to knowledge dissemination, offering technical support, training programs, and a wealth of research that can help industry stakeholders at every level—from smallholders to large-scale commercial producers. Through our partnerships with local and international institutions, we aim to make Sri Lanka a global leader in coconut research and innovation.
I invite you to explore our website to learn more about our research, services, and the various projects we are involved in. We value collaboration and look forward to working together with our stakeholders to create a sustainable and prosperous future for the coconut industry in Sri Lanka.
Thank you for your interest in the Coconut Research Institute of Sri Lanka. Together, we can help shape the future of coconut farming and industry for the benefit of all.

සංවිධාන ව්‍යුහය

Organogram

දැන්ම අමතන්න

Skip to content