loader image

පොල් පර්යේෂණ ආයතනය

පොල් පර්යේෂණ ආයතනය

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

පොල් පර්යේෂණ ආයතනය, පොල් පිළිබඳ පර්යේෂණ කිරීම වෙනුවෙන්ම වසර 1929 දී ආරම්භ කරන ලද ලොව ප්‍රථම පර්යේෂණ ආයතනයයි. පොල් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති වඩාත් ඵලදායීව ඉටු කිරීම සඳහා නවීන විශ්ලේෂණ පහසුකම් සහිත පර්යේෂණ අංශ 11කින්ද, එහි සේවය කරන ක්‍රියාශ්‍රීලී, උද්‍යෝගවත් සහ නව්‍ය දැණුමින් සපිරි විද්‍යාඥයින් සමූහයක් සහ සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමකින්ද, සේවා අංශ 5කින්ද මෙය සමන්විත වෙයි. පර්යේෂණ වලට අමතරව, පොල් කර්මාන්තයේ පාර්ශවකරුවන් වෙත නව තාක්ෂණය බෙදාහැරීමද මෙම ආයතනයේ ප්‍රධාන කාර්‍යභාරයක් වේ. අනෙකුත් ජාත්‍යන්තර, ජාතික, සහ පෞද්ගලික අංශයේ ආයතන සමඟ සහයෝගී පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමද මෙහි අරමුණු අතර වෙයි.

දැක්ම

කලාපය තුළ, පොල් පර්යේෂණ, තාක්ෂණ සංවර්ධනය සහ තාක්ෂණ හුවමාරු වෙනුවෙන් කැපවුන විශිෂ්ඨතම කේන්ද්‍රස්ථානය වීම

මෙහෙවර​

පොල් වගාවේ ඵලදායිතාව සහ ලාභදායිත්වය ඉහළ නැංවීම සඳහා පර්යේෂණවල සාර්ථකත්වය තුළින් දැනුම හා තාක්ෂණය උත්පාදනය කිරීම

ආයතනය

පොල් පර්යේෂණ ආයතනය තුළ එහි පර්යේෂණ සංවර්ධනයට සහාය වීම සඳහා ක්‍රියාශ්‍රීලී, උද්‍යෝගවත් සහ නව්‍ය දැණුමින් සපිරි විද්‍යාඥයින් සමූහයක්, සුදුසුකම් ලත් තාක්ෂණික කාර්ය මණ්ඩලයක්, භෞතික සම්පත් සහ නවීන විශ්ලේෂණ පහසුකම් ඇත. ආයතනය පර්යේෂණ අංශ එකොළහකින් සහ සේවා අංශ පහකින් සමන්විත වන අතර, අනෙකුත් ජාතික සහ පෞද්ගලික අංශයේ ආයතන සමඟ සහයෝගී පර්යේෂණ ප්‍රවර්ධනය සඳහා කටයුතු කරයි.

1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත

මෙතනින් බාගත කරගන්න

නවතම පුවත් සහ සිදුවීම්

ජූලි 13 2026

පොල් ක්ෂේත්‍රය සඳහා දස වසරක මාර්ග සිතියමක් හා පස් වසරක උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සම්බන්ධව මහජන අදහස් විමසීම

අප්‍රේල් 22 2026

Training Program Schedule 2026

අප්‍රේල් 10 2025

රතු කුරුමිණි අනාවරකය

award t
දෙසැ. 19 2024

2023 වර්ෂය සඳහා රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේදී පොල් පර්යේෂණ ආයතනය පර්යේෂණ අංශයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී.

දෙසැ. 13 2024

Professor Ajith Jayaweera assumed the role of Chairman at the Coconut Research Institute of Sri Lanka

දෙසැ. 05 2024

𝐓𝐡𝐞 𝟔𝟎𝐭𝐡 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐌𝐢𝐧𝐢𝐬𝐭𝐞𝐫𝐢𝐚𝐥 𝐌𝐞𝐞𝐭𝐢𝐧𝐠 𝐨𝐟 𝐭𝐡𝐞 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐨𝐜𝐨𝐧𝐮𝐭 𝐂𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐭𝐲 (𝐈𝐂𝐂) 𝟐𝟎𝟐𝟒

සැප්. 26 2024

Diplomatic Mission of Cuban Ambassador Hon. Andres Marcelo Garrido to CRI

අගෝ. 22 2023

2023 වර්ෂය සඳහා පැවැත්වූ Best Web2023 තරඟයෙන් ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි අතර රිදී සම්මානය දිනාගන්නා ලදී.

සැප්. 09 2022

ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ (ICC) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණෙති

සැප්. 07 2022

cri.gov.lk ශ්‍රී ලංකාවේ හොඳම රජයේ වෙබ් අඩවිය බවට පත්වෙයි.

පොල් කර්මාන්තයේ විවිධ පැතිකඩ පිළිබඳ සුභාරතී ගුවන් විදුලි වැඩසටහන

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය විසින් පොල් වගාව සහ ආශ්‍රිත කර්මාන්ත ප්‍රචලිත කිරීම ඉලක්ක කොට, පර්යේෂණ නිර්දේශ සහ තාක්ෂණය අදාළ පාර්ශවයන් කරා ගෙන යෑම සඳහා පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක් පසුගියදා දියත් කරන ලදී. පොල් කර්මාන්තයේ විවිධ පැතිකඩ පිළිබඳ මෙම සජීවී සාකච්ඡා සතිපතා සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 7ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ “සුභාරතී සාකච්ඡා මණ්ඩපය” තුළින් විකාශය කෙරේ. පෙර ප්‍රචාරය කරන ලද “සුභාරති” වැඩසටහන් මෙතැනින් සවන් දීමට හැක.

අපගේ පර්යේෂණ අංශ

ශෂ්‍ය විද්‍යා අංශය

නිසි තාක්ෂණික ක්‍රමවේදයන් හදුන්වාදීම තුළින් පොල් ඉඩම්වල ඵලදායිතාව සහ පොල් වගාවේ ආර්ථික ලාභදායීතාව තිරසාර පදනමක් මත ඉහළ නැංවීම.

වගා සංරක්ෂණ අංශය

සුරක්ෂිත පොල් කර්මාන්තයක් උදෙසා පලිබෝධ හා රෝග කළමනාකරණය.

කෘෂි ආර්ථික හා කෘෂි ව්‍යාපාර කළමනාකරණ අංශය

සමාජ ආයතනික වගකීම් ඉටු කරමින් ගෝලීය වශයෙන් ශක්‍ය පොල් කර්මාන්තයක් කරා සමාජ-ආර්ථික දැනුම ජනනය කිරීම.

ප‍්‍රවේණි හා ශාක අභිජනන අංශය

පොල් හා සම්බන්ධ කාලීන අවශ්‍යතාවයන් සපුරාලීම හා අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා පොල් වල ප‍්‍රවේණික විභවය ඉහළ නැංවීම.

ශාක කායික විද්‍යා අංශය​

පොල් ගසෙහි ශාක කායික විද්‍යාත්මක හා ජෛව රසායනික ක්‍රියාවලියන් පිළිබඳ දැනුම පුළුල් කිරීම.

පොල් සැකසුම් පර්යේෂණ අංශය

විවිධාංගීකරණය සහ අගය එකතු කිරීම තුළින් පොල් කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඉහළ නැංවීම සඳහා පර්යේෂණ සහ තාක්ෂණ නවෝත්පාදන මධ්යස්ථානය බවට පත්වීම.

පාංශු සහ ශාක පෝෂණ අංශය

පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීම තුළින් පොල් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පොල් ගස්වල පෝෂක සමතුලිත කිරීම.

පටක රෝපණ අංශය

නාලස්ථ තාක්ෂණය හරහා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මකභාවය දියුණු කීරිම.

තාක්ෂණ හුවමාරු අංශය

පොල් ක්ෂේත්‍රය තුළ තිරසාර තාක්‍ෂණ සංවර්ධනය, ව්‍යාප්තිය සහ ප්‍රතිග්‍රහණය සඳහා පහසුකම් සලසමින් පාර්ෂවකරුවන්, පර්යේෂකයන් සහ ව්‍යාප්ති පිරිස් අතර ඵලදායී අන්තර්ක්‍රියාකාරිත්වයක් ගොඩනැගීම.

පුස්තකාලය

ආයතනයේ පර්යේෂකයින් හට ඵලදායීල කාර්යක්‍ෂම පුස්තකාලයක් සහ තොරතුරු සේවාවක් ලබා දීම සහ පොල් වගාව සහ සැකසුම් තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතුවල නියැලෙන සියලු දෙනාට විශේෂිත තොරතුරු සේවාවක් ලබා දීමෙන් ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහාය වීම.

Research Innovations

Toddy Sap Powder
Coconut Butter
Coco Cheese
Coconut Based Food Wrap
Caterpillar Parasitoids
Gel Pheromone
Bio-Mite
Coir Cushion & Mattress
Eco Friendly Coir Partitioning Board

අපගේ සේවාවන්

විශ්ලේෂණ සේවා

The CRISL owns well equipped laboratories to analyze your samples i.e Soil, Irrigation water, Plant, and Coconut based food products, and fiber. We issue Differntial Fertilizer Recommendation (DFR) reports for your valued cultivation.

තත්ත්ව සහතික නිකුත් කිරීම

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය මගින් අපනයනය වෙනුවෙන් සකසන කොහුබත් හා ඒ ආශ්‍රිත නිශ්පාදන සඳහා තත්ත්ව සහතික නිකුත් කිරීම කරනු ලබයි. මෙයට අමතරව පුද්ගලික හා රාජ්‍ය අංශයන්ට අයත් තවාන්හි පොල් පැළ වල තත්ත්වය සහතික කිරීමද කරනු ලබයි.

බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය මගින් ගෙවතු වගා සඳහා දෙමුහුම් හා විශාල වගාවන් සඳහා CRISL60 පොල් පැළ නිශ්පාදනය කරයි. මෙයට අමතරව, උසස් තත්ත්වයේ මව් ශාක තේරීම හා පුද්ගලික තවාන් ලියාපදිංචි කිරීම යන සේවා සපයයි.

රෝග හා පළිබෝධ කළමනාකරණය

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය හදිසි රෝග හා පළිබෝධ වසංගත තත්ත්වයන් පාලනය කිරීමට වගාකරුවන්ට සහය සපයයි. මෙයට අමතරව, පළිබෝධ කළමනාකරණයට අවශ්‍ය පෙරමෝන, පරපෝෂිතයන් සහ විලෝපික මයිටාවන් සැපයීම යන සේවාද සපයයි.

පුහුණු වැඩසටහන්

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය වගාකරුවන්, නිශ්පාදකයින්, පාසල් ළමුන්, විශ්ව විද්‍යාල සිසුන් සහ අන්තර්ජාතික පොල් ප්‍රජාව සඳහා විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

උපදේශාත්මක සේවා

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය වගාකරුවන්, නිශ්පාදකයින්, පාසල් ළමුන්, විශ්ව විද්‍යාල සිසුන් සහ අන්තර්ජාතික පොල් ප්‍රජාව සඳහා විවිධ උපදේශාත්මක සේවා සපයනු ලබයි.

සම්මාන සහ සහතික

කප්රුක පොත බාගන්න

කප්රුක වීඩියෝ නරඹන්න

සේවා ඉල්ලීම්

පුහුණු වැඩසටහන්
Training services
තත්ත්ව සහතික නිකුත් කිරීම
Quality certifications
බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
Provision of planting materials
විශ්ලේෂණ සේවා
Analytical services
රෝග හා පළිබෝධ කළමනාකරණය
Management of pest and disease outbreaks
උපදේශාත්මක සේවා
Advisory services

දැන්ම අමතන්න

Skip to content