loader image

පොල් පර්යේෂණ ආයතනය

නවතම නිර්දේශ

නව පොල් ප‍්‍රභේදයක් හඳුන්වා දීම

ප‍්‍රවේණි හා ශාක අභිජනන අංශය

2006 වර්ෂයේදී ප‍්‍රවේණි හා ශාක අභිජනන අංශය විසින් ආනයනය කරන ලද මැලේසියානු රතු කුන්දිරා, රෙනල් ¥පත් උස සහ ටැග්නානන් උස වර්ග වලට අයත් පරාග යොදාගෙන නව අභිජනන වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදී. මෙහි අරමුණ වූයේ ඉක්මනින් පීදෙන හා වැඩි අස්වැන්නක් ලබා දෙන නව පොල් ප‍්‍රභේදයක් හඳුන්වා දීමයි. මෙම පරාග ශ්‍රී ලංකා උස හා ශ්‍රී ලංකා කොල කුන්දිරා සමග පරාගණය සිදු කළ අතර (2008* වර්ෂයේදී ලබා ගත් පොල් බීජ විවිධ කෘෂි දේශගුණික කලාප වල රෝපණය කරන ලදී. වසර 12ක් තිස්සේ එකතු කරගන්නා ලද දත්ත වලට අනුව ශ්‍රී ලංකා උස හා මැලේසියානු රතු කුන්දිරා අතර දෙමුහුම ඉක්මනින් පිදීම හා වැඩි ඵලදාවක් ලබා දීමට ඉහළ විභවයක් ඇති බව සොයා ගන්නා ලදී. එ් අනුව එම දෙමුහුම ක්‍ඍෂීඛ2020 ලෙස ජාතික පොල් නැවත වගා කිරීමේ වැඩසටහනට හඳුන්වා දෙන ලදී. මෙම නව ප‍්‍රභේදය ගෙවතු වගාවන් හා ඉහළ කලමාණාකාරිත්වයකින් යුතු වගා බිම් සඳහා සුදුසු වේ. මෙම නව පොල් ප‍්‍රභේදයට අයත් බීජපොල් අඹකැළේ හුදකලා බීජපොල් උයනේ අත්පරාගණය මගින් නිපදවීම සිදු කරන අතර එහි නියඟයට හා මයිටා හානියට ඔරොත්තු දීමේ හැකියාව පිලිබඳව පර්යේ්ෂණ සිදු කරමින් පවතී.

CRISL 98 පිලිබඳ සංශෝධිත නිර්දේශය

ප‍්‍රවේණි හා ශාක අභිජනන අංශය

CRISL98 (ශ්‍රී ලංකා උස × සැන්රාමන්* ජාතික පොල් නැවත වගා කිරීමේ වැඩසටහනට හඳුන්වා දෙන ලද්දේ 1998 දීය. එම වකවානුවේදී මෙම ප‍්‍රභේදය ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයක වගා කිරීමට නිර්දේශ කරන ලදී. නමුත් විවිධ කෘෂි දේශතගුණික කලාප වල ආදර්ශ වගා 100 කට අදික සංඛ්‍යාවකින් ලද නිරීක්ෂණයන්ට අනූව අනාවරණය වුයේ CRISL98 ප‍්‍රභේදය වියළි කලාපවලට වඩා තෙත් හා අතරමැදි කලාප වලදී වැඩි ඵලදාවක් ලබා දෙන බවයි. එසේම වියළි කලාපයේ පවත්නා දීර්ඝ නියං කාල වලදී මෙම ප‍්‍රභේදය පොල් ගෙඩි ඇති කිරීමට වඩා ශාකයේ වර්ධනය කෙරෙහි නැඹුරු වන බවද නිරීක්ෂණය විය. එම නිසා CRISL98 ප‍්‍රභේදය තෙත් හා අතරමැදි කලාපයේ පමණක් වගා කිරීමට නිර්දේශය සංශෝධනය කරන ලදී.
විවිධ පාරිසරික කළමනාකරණ තත්වයන් යටතේ CRISL98 හි කාර්ය සාධනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා කෘෂි-පාරිසරික කලාප. වියළි, තෙත් සහ අතරමැදි කලාපවල තෝරාගත් ස්ථානවලින් දත්තවල ක්‍රියාකාරීත්වය සහ විශ්ලේෂණය පිළිබඳ මෑත කාලීන නිරීක්ෂණයෙන් හෙළි වූයේ CRISL98 වියළි කලාපයට වඩා තෙත් සහ තෙත් අතරමැදි කලාපවල හොඳින් ක්‍රියා කරන බවයි. තවද, වියළි කලාපයේ දිගුකාලීන නියඟ කාලවලදී, CRISL98 තල්, ගෙඩි සැකසීමේ වියදමින් තම ශාකමය වර්ධනය පවත්වා ගැනීමට නැඹුරු වේ. එබැවින් CRISL98 හි පෙර නිර්දේශය සියලුම පොල් වගා කරන ප්‍රදේශවල සිටුවීමට නිර්දේශිත ප්‍රභේදයකින් ශ්‍රී ලංකාවේ තෙත් සහ තෙත් අතරමැදි කලාපවල පමණක් සිටුවීමට නිර්දේශිත ප්‍රභේදයක් ලෙස සංශෝධනය කරන ලදී.

වැලිගම පොල් කොල මැළවීමේ රෝගයට (WCLWD) ලක් වූ පොල් ගස් විනාශ කිරීමට රසායනික ද්‍රව්‍යයක්

ශෂ්‍ය විද්‍යා අංශය

වැලිගම පොල් කොළ මැලවීමේ රෝගයට (WCLWD) ලක් වූ පොල් ගස් විනාශ කිරීම සඳහා රසායනික ද්‍රව්‍යයක් (Glufosinate ammonium) හඳුනාගෙන සාර්ථකව ඇගයීමට ලක් කර ඇත. එම රසායනික ද්‍රව්‍යය යොදාගෙන දකුණු පළාතේ මේ වන විටත් රෝගයට ගොදුරු වූ ගස් විනාශ කිරීම සිදු කරමින් පවතී.
මෙමගින් ශාක කායික ක්‍රියාවලීන් ඉක්මනින් නිෂේධනය කර සති දෙකක් ඇතුළත සම්පූර්ණ වියන් ඉවත් කිරීම සඳහා පොල් ගසකට මිලි ලීටර 30 ක් එන්නත් කිරීම නිර්දේශ කරනු ලැබේ.

ගිනි තෘණ පාලනය සදහා අතුරු නිර්දේශ

ශෂ්‍ය විද්‍යා අංශය

වල්නාශකවල තත්ත්ව ඇගයීම් වැඩසටහන යටතේ පොල් ඉඩම් වල ගැටළු සහගත ගිනි තෘණ පාලනය කිරීම සදහා අතුරු නිර්දේශයක් නිකුත් කරන ලද අතර 2020 වසරේදී සම්පූර්ණ නිර්දේශය ලබා දී ඇත.

මේ සදහා වල්නාශක ඇගයීම් අධ්‍යයනය පල්ලම වතුයායේදී සිදු කරන ලදී.
1. වැඩුණු ගිනි තෘණ සඳහා

ග්ලයිෆොසිනේට් ඇමෝනියම් මිලි ලීටර් 100 ක් ජලය ලීටර් 16ක් සමග මිශ්‍ර කර (නැප්සැක් ඉසින ටැංකියක් සඳහා) අක්කරයකට ටැංකි 8 - 10 ක් වශයෙන් යෙදිය යුතුය.

2. මල් පිපීමට පෙර නොමේරූ ගිනි තෘණ (කැපීමෙන් හෝ හෑමෙන් පසු)

ග්ලයිෆොසිනේට් ඇමෝනියම් මිලි ලීටර් 80ක් ජලය ලීටර් 16ක් සමඟ මිශ්‍ර කර (නැප්සැක් ඉසින ටැංකියක් සඳහා) අක්කරයට ටැංකි 8-10 ක් වශයෙන් යෙදිය යුතුය.

රතු කුරුමිණි ජෙලිමය ෆෙරමෝන විසිරණය

වගා සංරක්ෂණ අංශය

ජෙල් වර්ගයේ රතු කුරුමිණි ෆෙරමෝන් ඩිස්පෙන්සරය 2019 සැප්තැම්බර් මාසයේ සිට වගාකරුවන්ට හඳුන්වා දෙන ලදී.
මෙය අක්කරයකට උගුල් 2 ක් වන සේ යෙදිය යුතු වන අතර උගුලට හසුවන කෘමීන් ප්‍රමාණය, වීදුරු නල ෆෙරමෝන් විසිරණයට වඩා වැඩිය. මෙහි ක්‍රියාකාරීත්වය මාස 2.5 ක් පමණ වේ.

සුදු මැස්සන් පාලනය කිරීම

වගා සංරක්ෂණ අංශය

පොල් වලට හානි කරන සුදු මැස්සන්ගේ අධික ගහනය පාලනය කිරීම සඳහා අතුරු නිර්දේශ

  • තයෝමෙතොක්සාන් (Thiomethoxam) ග්‍රෑම් 3 ක් වතුර ලීටර් 10ක දියකර සාදාගත් ද්‍රාවණය
  • කාබොසල්ෆාන් (Carbosulfan) මිලි ලීටර් 20 ක් ජලය ලීටර් 10 ක දියකර සාදාගත් ද්‍රාවණය
  • ක්ලොරැන්ට්‍රැනිලිප්‍රෝල් සහ තයෝමෙතොක්සාන් (Chlorantraniliprole + Thiomethoxam) අඩංගු කෘමිනාශකයකින් ග්‍රෑම් 2.5 ක් වතුර ලීටර් 10ක දියකර සාදාගත් ද්‍රාවණය

දැන්ම අමතන්න

Skip to content