loader image

පොල් පර්යේෂණ ආයතනය

පුස්තකාලය

මෙහෙවර​

ආයතනයේ පර්යේෂකයින් හට ඵලදායී, කාර්යක්‍ෂම පුස්තකාලයක් සහ තොරතුරු සේවාවක් ලබා දීම සහ පොල් වගාව සහ සැකසුම් තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතුවල නියැලෙන සියලු දෙනාට විශේෂිත තොරතුරු සේවාවක් ලබා දීමෙන් ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහාය වීම.

පර්යේෂණ අංශය

ශෂ්‍ය විද්‍යා අංශය

වගා සංරක්ෂණ අංශය

ආර්ථික විද්‍යාව සහ කෘෂි ව්‍යාපාර

ප‍්‍රවේණි හා ශාක අභිජනන අංශය

ශාක කායික විද්‍යා අංශය​

පොල් සැකසුම් පර්යේෂණ අංශය

පාංශු සහ ශාක පෝෂණ අංශය

පටක රෝපණ අංශය

තාක්ෂණ හුවමාරු අංශය

ප්‍රකාශන එකතුව

මුද්‍රිත ප්‍රකාශන

මෙම කාණ්ඩය යටතේ කෘෂිකර්මය මූලික කොට ගත් විද්‍යා හා තාක්ෂණ මුද්‍රිත ප්‍රකාශන අන්තර්ගත වේ. මෙමගින් නාමාවලි, ශබ්දකෝෂ, විශ්වකෝෂ, වාර්ශික ප්‍රකාශන, සිතියම්, සිතියම් ප්‍රකාශන, නෛතික සහ රජයේ ප්‍රකාශන ආවරණය කරයි.

විද්‍යුත් ප්‍රකාශන

පොල් පර්යේෂණ ආයතනය,දේශීය පුස්තකාල සහ ජාත්‍යන්තර වාණිජ වෙළෙන්දන් විසින් සකස් කරන ලද විද්‍යුත් දත්ත ප්‍රකාශිත මෙම කාණ්ඩය යටතේ ඇත.

විද්‍යුත් සඟරා

N
බෝග ආරක්ෂණ දත්ත ගොනුව (Crop Protection Compendium) - පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර කෘෂිකර්ම කාර්යාංශය (CABI) විසින් සකසන කරන ලද බෝග ආරක්ෂණ සංග්‍රහය ලොව පුරා විසිර සිටින පළිබෝධ සහ ස්වභාවික සතුරන් 1500 කට අධික ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු ආවරණය කරයි. තොරතුරු ලබා ගැනීම සඳහා කාර්යක්ෂම සෙවුම් මෙවලම් තිබේ.
N
ඉලෙක්ට්‍රොනික දත්ත ගොනු - අභ්‍යන්තර දත්ත ගොනු
N
පොල් පිළිබඳ දත්ත
N
පොල් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය ප්‍රකාශන

පුස්තකාලයේ පවතින ප්‍රකාශන එකතුව

N
ග්‍රන්ථ පුස්තකාලයෙහි විෂය පථයට අදාළ ග්‍රන්ථ 5770 කට නොවැඩි ප්‍රමාණයක් මෙහි පවතී. ඓකික නිබන්ධමාලාවන්, විද්‍යා සහ තාක්ෂණික වාර්තා, සම්මන්ත්‍රණ වාර්ථා, සමාලෝචන මාලාවන්,කෘෂිකර්මය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර මත ලියැවුනු පත්‍රිකා සහ නිබන්ධන මෙමගින් ආවරණය කරයි
N
සඟරා පුස්තකාලයට දැනට වාර සඟරා 35ක් නිතිපතා ලැබේ. මේ අතරින් සඟරා 6ක් මුළුමනින්ම පොල් සඳහා වෙන් වුන ඒවා වන අතර 7ක් විශේෂ මාතෘකා යටතේ පළවන වාර සඟරා වේ. මෙයට අමතරව, විද්‍යාව හා කෘෂිකර්ම විශය පථයන්ට අදාළ මාර්ගගත සඟරා 10කට ප්‍රවේශ අයිතිය ඇති අතර සම්පූර්ණ කාණ්ඩය මගින් ආවරණය වන මුළු මාතෘකා ගණන 450 කි.

පොල් පිලිබඳ ලියැවුනු විශේෂ ප්‍රකාශන

පුස්තකාලයේ අරමුණ වන්නේ පොල් පිළිබඳ ඉතා විශේෂිත දැණුම ගබඩාවක් පවත්වාගෙන යාමයි. වර්ථමානයේදී මෙමගින් සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ප්‍රකාශන 8000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරනු ලබයි. මෙම එකතුවෙන් ඓකික නිබන්ධමාලාවන්, අත්පිටපත්, නිබන්ධන, තාක්ෂණික වාර්තා, චක්‍රලේඛ, පේටන්ට් බලපත්‍ර, ප්‍රමිති සහ පිරිවිතරයන්, ග්‍රන්ථ පරිච්ඡේද සහ සම්මන්ත්‍රණවලදී ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්ථා යන ප්‍රකාශන ආවරණය කෙරේ.
N
විශේෂ ප්‍රකාශන එකතුව සෙවීම - මෙම එකතුව සෙවීමට සහය වීම සඳහා විවිධ සෙවුම් මෙවලම් ඇත
N
1935 දක්වා සාහිත්‍යය - ඩබ්. වී. ඩී. පීරිස් විසින් රචිත ග්‍රන්ථනාමාවලිය
N
1936 -1976 දක්වා සාහිත්‍යය - දිවාකරන් පිල්ලේ විසින් රචිත ග්‍රන්ථනාමාවලිය (ඉන්දියාවේ මධ්‍යම වැවිලි බෝග පර්යේෂණ ආයතනයෙහි විද්‍යාඥයන් විසින් සම්පාදනය කරන ලදී)
N
1967 -1986 දක්වා සාහිත්‍යය - පොල් පිළිබඳ සාහිත්‍යයග්‍රන්ථනාමාවලිය (පොල් පර්යේෂණ ආයතනයේ පුස්ථකාලය විසින් සම්පාදනය කරන ලදී)
N
1987 සිට මේ දක්වා සාහිත්‍යය - පරිගණක දත්ත ගොනුවකි

කාර්ය මණ්ඩල ප්‍රකාශන

ඉහත දක්වන ලද ප්‍රකාශන වලට අමතරව පුස්තකාලය කාර්ය මණ්ඩල ප්‍රකාශනවල විශේෂ එකතුවක්ද පවත්වාගෙන යයි. මෙම ප්‍රකාශන සෙවීම සඳහා ඉතා නම්‍යශීලී සෙවුම් පහසුකම් සහිතව ‘කාර්ය මණ්ඩලය’ නම් දත්ත ගබඩාවක් පවත්වාගෙන යනු ලැබේ. මෙම දත්ත ගබඩාවේ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද සියලුම ප්‍රකාශනවලට අදාළ මූලාශ්‍ර දක්වා ඇත.

පොල් පර්යේෂණ ආයතනයේ පැරණි ප්‍රකාශන සහ පොල් මයික්‍රොෆිෂස් එකතුව පිළිබඳ විශේෂ ලේඛන එකතුව

පොල් පර්යේෂණ ආයතනයේ සඟරාවල අන්තර්ගතයන් ආවරණය කරමින් මයික්‍රොෆිෂස් එකතුවක් සහ පොල් පිළිබඳ සාහිත්‍ය එකතුවේ ඇති ලේඛණවලින් විශාල ප්‍රමාණයක් පුස්තකාලයේ පවත්වාගෙන යනු ලැබේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මෙම ලේඛණ සංරක්ෂණය කිරීමයි. මෙම දත්ත කියවීම සඳහා විශේෂිත මුද්‍රණ යන්ත්‍රයක් අැති අතර අවශ්‍ය කොටස් මුද්‍රණය කිරීමට පහසුකම්ද සපයා ඇත.

කාර්ය මණ්ඩලය

ජේ. ඒ. ඩී. ආර්. යූ. ජයසිංහ මිය

කළමනාකාර සහකාර

එච්. ඒ. ටී. තිලකුමාරි මිය

කාර්යාල කාර්ය සහායක

දැන්ම අමතන්න

Skip to content