loader image

පොල් පර්යේෂණ ආයතනය

ඉදිරි වසර දෙක තුළදී, පොල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගය බවට පත් කිරීම

2021 සැප්තැම්බර් මස 28 වන දින ‘සෙත්සිරිපාය’ පරිශ්‍රයෙහිදී ගරු වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, රාජ්‍ය අමාත්‍ය, අරුන්දික ප්‍රනාන්දු මහතා, අමාත්‍යාංශ දූත පිරිසක් සහ පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු පොල් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයෙහි සහභාගිත්වයෙන් උක්ත තේමාව යටතේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් ගනු ලැබුණු අතර, ඉදිරි වසර දෙක තුල අතිරේක පොල් බිලියනයක් යොදා ගනිමින් පොල් සහ ඒ ආශ්‍රිත අපනයන නිෂ්පාදන ඉහළ නැංවීම ඉලක්ක කරගත් සංවර්ධන වැඩසටහන් ඉලක්ක කරගත් යෝජනාද ඉදිරිපත් කරන ලදී. එම යෝජනා අතර පොල් මෙරට අංක එකේ අපනයන භෝගය ලෙස ශ්‍රේණිගත කිරීමට අවශ්‍ය කෙටි, මධ්‍ය හා දිගුකාලීන උපාය මාර්ග ද විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍ය දැක්ම” සංකල්පයට අනුකූලව, සහභාගී වූ සියලුම දෙනාගේම එකඟතාවයෙන් පහත තීරණ වලට එළඹෙන ලදී.
වර්ගය
පුවත්
සිද්ධීන්
N
පොල් සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම.
N
දෙමුහුන් පොල් පැළ නිෂ්පාදනය කඩිනම් කිරීම සහ සෑම ගෙවත්තකම අවම වශයෙන් දෙමුහුන් පොල් පැළ දෙකක් සිටුවීමට ජනතාව දිරිමත් කිරීම.
N
නිර්දේශිත බීජ පැළ වඩාත් වේගයෙන් නිෂ්පාදනය කිරීම සඳහා පටක රෝපණ තාක්ෂණය නියමු ව්‍යාපෘතියක් ලෙස භාවිතා කිරීම.
N
පොල් අස්වනු නෙලීම සඳහා අධි තාක්ෂණික යාන්ත්‍රණ සහ මෙවලම් හඳුන්වා දීම.
N
ගෘහස්ථ පොල් පරිභෝජනයේදී සිදුවන නාස්තිය අවම කිරීම සඳහා නව ඵලදායී ක්‍රම වෙළඳපොළට හඳුන්වා දීම.
N
රතු කුරුමිණියන්, කළු කුරුමිණියන් සහ අනිකුත් හානිකර ක්ෂීරපායින් වැනි පොල් වගාවේ ප්‍රධාන පළිබෝධකයන් කළමනාකරණය සඳහා පොල් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගේ සහයෝගීතාවයෙන් ජාතික වැඩසටහනක් දියත් කිරීම.
N
වැලිගම කොළ මැලවීමේ රෝගය මර්දනය කිරීම සහ මුළුමනින්ම තුරන් කිරීම සඳහා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම.
N
කාබනික වගාව සඳහා පොල් වගා කරුවන් දිරිමත් කරන අතරම, එක් පොල් ගසකින් දැනට නිෂ්පාදනය කරන ගෙඩි ප්‍රමාණය දෙගුණ කිරීම සඳහා නව නිර්දේශ හා පර්යේෂණ මත පදනම් වූ තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම.
N
‘Ceylon Coconut’ නම් සන්නාමය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමේ අරමුණින් විධිමත් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම.

අදහස් දක්වන්න

5 + 5 =

දැන්ම අමතන්න

Skip to content