2025 වර්ෂය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ රාජකාරි ආරම්භ කිරීම
2025 වර්ෂය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ රාජකාරි ආරම්භ කිරීම
පොල් පර්යේෂණ ආයතනයේ රාජකාරි නව වසර සඳහා ආරම්භ කිරීම 2025 ජනවාරි 1වන දින පොල් පර්යේෂණ ආයතනයේ අඹසෙවන පරිශ්‍රයේදී හා ශ්‍රවණාගාරයේදී සිදුවිය.
රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් හා සියලුම අය වෙනුවෙන් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව පොල් පර්යේෂණ ආයතනයේ සියළුම නිලධාරීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට විකාශය කෙරුණු “ක්ලීන් ශ්‍රී ලංකා" (Clean Sri Lanka) වැඩසටහන එළිදැක්වීමේ ජාතික වැඩසටහන හා සම්බන්ධවී ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) පුරවැසි ප්‍රතිඥාව ලබා දෙන ලදී.
පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා සහ වැඩබලන අධ්‍යක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය විසින් පොල් පර්යේෂණ ආයතනයේ සියළුම නිලධාරීන් අමතන ලදී.
මෙම අවස්ථාවට පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා, වැඩබලන අධ්‍යක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය ඇතුළු ආයතනයේ සියලුම නිළධාරීන් සහභාගී විය.
.