පුවත්

හරිත දැයක් ගෙවතු වගා සංග්‍රාමය / ලෝක පරිසර දිනය -2022
කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "හරිත දැයක් ගෙවතු වගා සංග්‍රාමය 2022" වැඩසටහන යටතේ "ගෙවත්ත සංකල්පය" ජනතාව වෙත රැගෙන යමින් ජනතාව වගා කටයුතු සදහා යොමු කිරීමේ අරමුණත් පෙරදැරි කර ගනිමින් ලුණුවිල ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ පොල් වගාව සමග අතුරු බෝග වගාවන් ලෙස විවිධ බෝග වර්ග වගා කිරීමේ කටයුතු ලෝක පරිසර දිනයටද සමගාමීව 2022.06.08 දින ආරම්භ විය. ලෝක පරිසර දිනයට අදාල ආරාධිත දේශනය මධ්‍යම පරිසර අධිකාරියේ කුරුණෑගල ශාකාවේ පරිසර නිලධාරිනී ලෙස කටයුතු කරන ආර්. පී. ජී. ඉන්ද්‍රානි ප්‍රේමලතා මහත්මිය විසින් සිදු කරන ලදී.

පොල් පර්යේෂණ ආයතනය සහ ජාත්‍යන්තර පොල් ප්‍රජාව එක්ව සංවිධානය කරන ලද පොල් සංවර්ධන නිලධාරීන් සඳහාවූ සහතික පත්‍ර පාඨමාලාව - 2021
ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය විසින් සාර්ථකව තෙවැනි වරටත් CRISL/ICC අන්තර්ජාතික පොල් සංවර්ධන නිලධාරීන් සඳහාවූ සහතික පත්‍ර පාඨමාලාව 2021 ඔක්තෝබර් 4 සිට 2021 නොවැම්බර් 05 දක්වා කාලය තුළ පවත්වන ලදී.

ඉදිරි වසර දෙක තුළදී, පොල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගය බවට පත් කිරීම
2021 සැප්තැම්බර් මස 28 වන දින ‘සෙත්සිරිපාය’ පරිශ්‍රයෙහිදී ගරු වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, රාජ්‍ය අමාත්‍ය, අරුන්දික ප්‍රනාන්දු මහතා, අමාත්‍යාංශ දූත පිරිසක් සහ පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු පොල් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයෙහි සහභාගිත්වයෙන් උක්ත තේමාව යටතේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
පුවත්
මෑත පළ කිරීම්