loader image

පොල් පර්යේෂණ ආයතනය

ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ (ICC) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණෙති

ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙල්ෆිනා අලොව් Jelfina C. Alouw සහ ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ සහකාර අධ්‍යක්ෂිකා ම්රිදුලා කොට්ටෙක්ටේ Mridula Kottekate මහත්මිය 2022 සැප්තැම්බර් 6 වන දින ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණියහ.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ වත්මන් තත්ත්වය හඳුනා ගැනීම, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පොල් ක්ෂේත්‍ර‍යට ඇති කරන බලපෑම හඳුනා ගැනීම සහ ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය CRI සහ ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ ICC අතර ක්‍රියාත්මකවන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතිය සාකච්ඡා කිරීමයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය තුළ පොල් ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ ICC සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙල්ෆිනා අලොව් සහ ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ සහකාර අධ්‍යක්ෂිකා ම්රිදුලා කොට්ටෙක්ටේ මහත්මිය, අමාත්‍යාංශ නිලධාරීන්, පොල් පර්යේෂණආයතනයේ නිලධාරීන්, පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් පොල් පර්යේෂණ ආයතන පරිශ්‍රයට රැස් වූහ. මෙම හමුව සඳහා වැවිලි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී එස් විජේසේකර මහත්මිය , අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති සහ මෙහෙයුම්) -සුරේකා අත්තනායක මහත්මිය , අධ්‍යක්ෂ (සංවර්ධන) -කේ එම් බී ටී කරුණාසේන මහත්මිය, පොල් පර්යේෂණ මණ්ඩලය වෙනුවෙන් සභාපති - වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අධ්‍යක්ෂ (ආවරණ) - ආචාර්ය ලලිත් පෙරේරා සහ පොල් පර්යේෂණ ආයතනයේ අනෙකුත් නිලධාරීන් ද, පොල් සංවර්ධන අධිකාරියේ (CDA) - සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා, අධ්‍යක්ෂ (අලෙවි) - සම්පත් සමරවික්‍රම මහතා, අධ්‍යක්ෂ (නිෂ්පාදන සංවර්ධන) පී.එදිරිමාන්න මහතා සහභාගි වූ අතර පොල් වගා කිරීමේ මණ්ඩලයේ (CCB) සහකාර සාමාන්‍යාධිකාරී (පුහුණු) ඩබ්ලිව් එම් රත්නායක මහතා සහභාගි විය.

වර්ගය
පුවත්
සිද්ධීන්

අදහස් දක්වන්න

14 + 8 =

දැන්ම අමතන්න

Skip to content