පොල් ක්ෂේත්‍රය සඳහා දස වසරක මාර්ග සිතියමක් හා පස් වසරක උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සම්බන්ධව මහජන අදහස් විමසීම
පොල් ක්ෂේත්‍රය සඳහා දස වසරක මාර්ග සිතියමක් හා පස් වසරක උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සම්බන්ධව මහජන අදහස් විමසීම
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන ආයතනයේ (UNIDO) මූල්‍ය දායකත්වයෙන් හා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (Institute of Policy Studies) සම්පත් දායකත්වයෙන් යටතේ, ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා දස වසරක මාර්ග සිතියමක් හා පස් වසරක උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් 2025 වර්ෂයේදී ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අභිප්‍රාය වන්නේ 2030 වර්ෂයේ දී පොල් ක්ෂේත්‍රයෙන් ලැබෙන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් දක්වා ඉහළ නැංවීමට සහ, මෙරට වාර්ෂික ඵලදාව පොල් ගෙඩි බිලියන 4.2 දක්වා ඉහළ නැංවීමත් වේ.
මේ සම්බන්ධව පොල් ක්ෂේත්‍රයට සම්බන්ධ සියළුම පාර්ශ්වකරුවන්වන වගාකරුවන්, කර්මාන්තකරුවන්, පර්යේෂකයන් හා පොල් ක්ෂේත්‍රයට අනුබද්ධ රජයේ ආයතන (පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතනය වැනි) සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා මෙම මාර්ග සිතියම හා උපාය මාර්ගික සැලැස්මේ කෙටුම්පත සකස් කරන ලදී. එසේ සකස් කරන ලද කෙටුම්පත මහජන අදහස් සඳහා ප්‍රසිද්ධ කර ඇත. මෙයට අදාළ ගැසට් පත්‍රය හා කෙටුම්පත පහත දිගුවෙන් භාගත කර ගත හැක.
මෙම කෙටුම්පත තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා ඔබගේ අදහස් හා යෝජනා ඉතා වැදගත්වන බැවින්, ඉහත සඳහන් කර ඇති ආකෘතියට අනුව, ලේකම්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, 11වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල යන ලිපිනයට ලිඛිතව හෝ smckpdevelopment@gmail.com යන විද්‍යුත් ලිපිනය වෙත හෝ 011-2186093 දරන ෆැක්ස් අංකයට හෝ ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දැනුම්දෙමි.
මෙරට පොල් ක්ෂේත්‍රෙය් අභිවෘද්ධිය සඳහා ඔබ දක්වන සහයෝගය ඉතා අගය කරමි.
පුවත්
සිද්ධීන්
මෑත පළ කිරීම්
