cri.gov.lk ශ්‍රී ලංකාවේ හොඳම රජයේ වෙබ් අඩවිය බවට පත්වෙයි.
LK Domain Registry විසින් සත්කාරකත්වය දරන Bestweb.lk 2022 තරඟයේදී පොල් පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකා වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ‘හොඳම රජයේ වෙබ් අඩවිය’ ලෙස නම් කරන ලදී.
හොඳම පුරවැසි සේවා වෙබ් අඩවි කාණ්ඩයේ රිදී සම්මානය ද අපට හිමි විය. මෙම සම්මානය සුවිශේෂී වන්නේ CRISL මෙම වසරේ මෙම කාණ්ඩයේ එකම සම්මානලාභියා වන බැවිනි. තවද මෙම වසරේ සමස්ත තරඟයේදී අපි ලෝකඩ සම්මානය දිනාගත් බව සතුටින් ප්‍රකාශ කරන්නෙමු.
CRISL ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ වෙබ් අඩවි 500ක් අතර මෙම සම්මානය දිනාගත් අතර, CRI මෙම අංශයෙන් ද සම්මානයක් දිනාගත් එකම රාජ්‍ය ආයතනය වේ. සම්මාන උළෙල පසුගිය 2022 අගෝස්තු 30 වැනි දින Cinnamon Grand හෝටලයේදී පැවැත්විණි.
