පොල් පර්යේෂණ ආයතනය වෙත සිදුකළ නව බඳවාගැනීම් සඳහා පත්වීම් ලබාදීම
පොල් පර්යේෂණ ආයතනය වෙත සිදුකළ නව බඳවාගැනීම් සඳහා පත්වීම් ලබාදීම
පොල් පර්යේෂණ ආයතනය වෙත සිදුකළ නව බඳවාගැනීම් සඳහා පත්වීම් ප්රදානය කිරීම පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති අරෝෂ රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේදී 2024.03.28 වන දින සිදුකරන ලදී.
මෙහිදී ජ්‍යෙෂ්ඨ කළමනාකරු (වතු), වතු අධිකාරී, කළමනාකරණ සහකාර (විගණන), කළමනාකරණ සහකාර (ලිපිකරු), රසායනාගාර හා ක්ෂේත්‍ර සහකාර නිළධාරීන් ආයතනයේ වැඩ බාරගන්නා ලදී.
එම පිරිස ඇමතූ පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති අරෝෂ රොද්‍රිගූ මහතා නව පත්වීම්ලාභීන්ව පොල් පර්යේෂණ ආයතනයට ආදරයෙන් පිළිගන්නා බව සඳහන් කළේය. එමෙන්ම තම හැකියාවන් වර්ධනය කරගනිමින් ආයතනයේ නිළධාරීන් සමඟ සහයෝගයෙන් ආයතනයට සහ තමාට ගෞරවයක්, අභිමානයක් ඇතිවන අයුරින් නව පත්වීම්ලාභීන් කටයුතු කරනු ඇති බව තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කරන ලදී.
රාජකාරී කටයුතු කිරීමේදී ආයතනික වශයෙන් ලබා දිය යුතු සියලු සහයන් ලබා දෙන බවත්, පොල් කර්මාන්තකරුවා, පොල් වගාකරුවන්, මහජනතාව වෙත වඩාත් සුහදශීලී කඩිනම් සේවාවක් ලබාදීමට නව නිළධාරීන් කටයුතු කළ යුතු බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය සඳහන් කරන ලදී.
මෙම අවස්ථාවට පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති අරෝෂ රොද්‍රිගූ මහතා, පොල් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය, පොල් පර්යේෂණ ආයතනයේ අතිරේක අධ්යක්ෂ ආචාර්ය ලලිත් පෙරේරා මහතා, පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ (පර්යේෂණ) ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය, පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ (පර්යේෂණ) ආචාර්ය සරත් එදිරිසිංහ මහතා, පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ (පාලන) ලයනල් කුරුප්පු මහතා, පොල් පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී උපුල් චන්ද්‍රනාත් මහතා සහභාගී විය.