පොල් පර්යේෂණ ආයතනය සහ ජාත්‍යන්තර පොල් ප්‍රජාව එක්ව සංවිධානය කරන ලද පොල් සංවර්ධන නිලධාරීන් සඳහාවූ සහතික පත්‍ර පාඨමාලාව - 2021
ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය විසින් සාර්ථකව තෙවැනි වරටත් CRISL/ICC අන්තර්ජාතික පොල් සංවර්ධන නිලධාරීන් සඳහාවූ සහතික පත්‍ර පාඨමාලාව 2021 ඔක්තෝබර් 4 සිට 2021 නොවැම්බර් 05 දක්වා කාලය තුළ පවත්වන ලදී. පොල් වගා කරන රටවල පොල් වගාකරුවන්, ව්‍යාප්ති නිලධාරීන්, සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පොල් වගා කිරීම සහ පොල් ආශ්රිත සැකසුම් තාක්ෂණයන් පිළිබඳව ක්‍රමානුකූලව පුහුණු කිරීම අරමුණු කොටගත් මෙම සහතික පත්‍ර පාඨමාලාව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ ජාත්‍යන්තර පොල් ප්‍රජාව විසින් එක්ව සංවිධානය කරන ලදී. 2018 සහ 2019 දී ආයතනය පරිශ්‍රය තුළ භෞතිකව පවත්වන ලද පළමු වැඩසටහන් දෙකට සහභාගී වූ රටවලින් ලැබුණු ඉහළ ධනාත්මක ප්‍රතිචාර මත පදනම්ව, ජාත්‍යන්තර පොල් ප්‍රජාව විසින් තුන්වන වරටත් මෙම පාඨමාලාව පැවැත්වීමට ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය තෝරා ගන්නා ලදී.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ මෙම වාර්ෂික පාඨමාලාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා එල්ල වුන නමුදු ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ ආරාධනයෙන් මෙම වසරේ පුහුණු පාඨමාලාව ප්‍රායෝගික අංගයන් හැර මාර්ගගත තාක්ෂණය ඔස්සේ සාර්ථකව පවත්වන ලදී. 2021 දී, පැපුවා නිව්ගිනියාව, මයික්‍රොනීසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ෆීජි, කෙන්යාව, ගයානා, සැමෝවා, සොලමන් දූපත්, වියට්නාමය, කාම්බෝජය, ඉන්දියාව, ඩොමිනිකන් ජනරජය, ජැමෙයිකාව, ට්‍රිනිඩෑඩ්, සූරිනාම්, ග්‍රෙනෙඩා, බෙලිස් සහ නව කැලෙඩෝනියා යන රටවල් 19කින් සහභාගිවූ පුද්ගලයින් 38 දෙනෙක් මෙමගින් සාර්ථකව පුහුණු කරන ලදී.

වර්ගය
පුවත්
සිද්ධීන්