loader image

පොල් පර්යේෂණ ආයතනය

පොල් පර්යේෂණ මණ්ඩලයේ නව සභාපති ලෙස අරෝෂ රොද්‍රිගු මහතා වැඩ භාර ගැනීම

පොල් පර්යේෂණ මණ්ඩලයේ නව සභාපති ලෙස අරෝෂ රොද්‍රිගු මහතා 2024.03.14 දින පොල් පර්යේෂණ ආයතනයේදී වැඩ භාරගැනීම සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති අරෝෂ රොද්‍රිගු මහතා, පොල් පර්යේෂණ ආයතනය වගාකරුවන්ට සහ මහජනතාව වෙත වඩාත් සමීප වෙමින්, පවතින සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින්, ආදායම් උපයමින් රටේ ආර්ථිකයට ශක්තියක් වන ලෙසට කාර්යකෂමව කටයුතු කළ යුතු බවත් ඒ සඳහා මූලිකත්වය ගන්නා බවත් පවසන ලදී.
ආගමික වතාවත් සිදු කිරීමට කඩවත ශ්‍රී බිම්බාරාමයමය/ පහල බියන්විල ශ්‍රී පුෂ්පාරාමය විහාරාධිකාරී ශ්‍රී රතනපාල දහම් පාසලේ ප්‍ර‍ධානාචාර්ය කැළණිය ගුරුකුළ විද්‍යාලයේ උප විදුහල්පති ආචාර්ය හූරිගස්වැවේ රතනපාල ස්වාමීන් වහන්සේ සහ කිරිබත්ගොඩ ඊරියවැටිය මහා වද්‍යාලයේ උප විදුහල්පති හුරිවිල පියරතන ස්වාමීන් වහන්සේ වැඩම කරන ලදී. මෙම අවස්ථාවට පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති අරෝෂ රොද්‍රිගු මහතාගේ පවුලේ සාමාජිකයින් ද, සිරිගම්පල පොලිසියේ ස්ථානාධිපති පී.පී. වෙඩිසිංහ මහතා, පොල් පර්යේෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලලිත් පෙරේරා මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) ලයනල් කුරුප්පු මහතා ඇතුළු පොල් පර්යේෂණ ආයතනයේ නිළධාරීන් එක්ව සිටියහ.

වර්ගය
පුවත්
සිද්ධීන්

දැන්ම අමතන්න

Skip to content