loader image

පොල් පර්යේෂණ ආයතනය

පුවත්

Coconut Research Institute Has won a Gold Award

පොල් පර්යේෂණ ආයතනය දිනාගත් රන් සම්මානය

පොල් පර්යේෂණ ආයතනය විසින් රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තා සහ උසස් තත්ත්වයේ මූල්‍ය වාර්තාකරණය පිළිගැනීම සඳහා රන් සම්මානය ( පර්යේෂණ කාණ්ඩය ) දිනාගන්නා ලදී

Mr. Malraj Peiris takes over his duties as the new chairman of the Coconut Research Board

පොල් පර්යේෂණ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මල්රාජ් පීරිස් මහතා වැඩ භාර ගැනීම

පොල් පර්යේෂණ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මල්රාජ් පීරිස් මහතා 2022.10.31 දින පොල් පර්යේෂණ ආයතනයේදී වැඩ භාරගැනීම සිදුවිය.

International Coconut Day Celebration 2022

ජාත්‍යන්තර පොල් දින සැමරුම 2022

ජාත්‍යන්තර පොල් දින සැමරුම 2022 .09. 02 දින ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණ උද්‍යානයේදී ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසී පොල් වගාකරුවන් සහ ආයතනයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

International Coconut Community (ICC) Delegation Visits Coconut Research Institute of Sri Lanka

ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ (ICC) නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණෙති

ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙල්ෆිනා අලොව් Jelfina C. Alouw සහ ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ සහකාර අධ්‍යක්ෂිකා ම්රිදුලා කොට්ටෙක්ටේ Mridula Kottekate මහත්මිය 2022 සැප්තැම්බර් 6 වන දින ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණියහ.

Green Nation Home Gardening Mission/ World Environment Day-2022

හරිත දැයක් ගෙවතු වගා සංග්‍රාමය / ලෝක පරිසර දිනය -2022

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "හරිත දැයක් ගෙවතු වගා සංග්‍රාමය 2022" වැඩසටහන යටතේ "ගෙවත්ත සංකල්පය" ජනතාව වෙත රැගෙන යමින් ජනතාව වගා කටයුතු සදහා යොමු කිරීමේ අරමුණත් පෙරදැරි කර ගනිමින් ලුණුවිල ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ පොල් වගාව සමග අතුරු බෝග වගාවන් ලෙස විවිධ බෝග වර්ග වගා කිරීමේ කටයුතු ලෝක පරිසර දිනයටද සමගාමීව 2022.06.08 දින ආරම්භ විය. ලෝක පරිසර දිනයට අදාල ආරාධිත දේශනය මධ්‍යම පරිසර අධිකාරියේ කුරුණෑගල ශාකාවේ පරිසර නිලධාරිනී ලෙස කටයුතු කරන ආර්. පී. ජී. ඉන්ද්‍රානි ප්‍රේමලතා මහත්මිය විසින් සිදු කරන ලදී.

CRI-ICC International Certificate Course for Coconut Development Officers 2021

පොල් පර්යේෂණ ආයතනය සහ ජාත්‍යන්තර පොල් ප්‍රජාව එක්ව සංවිධානය කරන ලද පොල් සංවර්ධන නිලධාරීන් සඳහාවූ සහතික පත්‍ර පාඨමාලාව - 2021

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය විසින් සාර්ථකව තෙවැනි වරටත් CRISL/ICC අන්තර්ජාතික පොල් සංවර්ධන නිලධාරීන් සඳහාවූ සහතික පත්‍ර පාඨමාලාව 2021 ඔක්තෝබර් 4 සිට 2021 නොවැම්බර් 05 දක්වා කාලය තුළ පවත්වන ලදී.

Raising Coconut as the Major Export Crop of the Country within the Next Two Years

ඉදිරි වසර දෙක තුළදී, පොල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගය බවට පත් කිරීම

2021 සැප්තැම්බර් මස 28 වන දින ‘සෙත්සිරිපාය’ පරිශ්‍රයෙහිදී ගරු වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, රාජ්‍ය අමාත්‍ය, අරුන්දික ප්‍රනාන්දු මහතා, අමාත්‍යාංශ දූත පිරිසක් සහ පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු පොල් පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයෙහි සහභාගිත්වයෙන් උක්ත තේමාව යටතේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

දැන්ම අමතන්න

Skip to content